Saturday, August 25, 2007

ඇඩ්සෙන්ස් (Google Adsense) ගිණුමක් ලබා ගැනීම - How to apply for Google Adsense

ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා ගැනීම ඉතාමත් පහසුයි. ඔබට තිබිය යුතු එකම සුදුසුකම වනුයේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබීමයි. ඔබේ වෙබ් අඩවිය වැඩියිටියන් සඳහා පමණක් නම් ඔබගේ වෙබ් අඩවිය ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. එමෙන්ම ඔබගේ වෙබ් අඩවිය සිංහල අකුරු භාවිතයෙන් සාදා ඇත්නම්, ඔබ ඔබගේ වෙබ් අඩවියේ එය පිළිබඳව සටහනක් යොදන්න. මන්දයත්, ඔවුන් සතුව බොහෝ විට සිංහල අක්ෂර නැති වීමට පුළුවන්. එනිසා ඔවුන්ට ඔබගේ වෙබ් අඩවියේ දැකගැනීමට ලැබෙන්නේ සිංහල අකුරු වෙනුවට කොටු කිහිපයක් පමණයි. එබැවින් ඔවුන් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම ප්‍රතික්ෂේප කිරීමට බොහෝ ඉඩ-කඩ තිබෙනවා.

වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කෙසේද?
ඇත්තෙන්ම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කිසිදු ගාස්තුවක් වැය වන්නේ නැහැ. ඔබට දැන් නොමිලේම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පුළුවන්. ඔබ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට නොදන්නේ නම්, ඔබට ඔබේම බ්ලොග් එකක් ආරම්භ කිරීමට පුළුවන්.

ඔබට නොමිලේ වෙබ් ඉඩ ලබා ගැනීමට අවශ්‍ය නම්, මා විසින් ආරම්භ කරන ලද නොමිලේ වෙබ් ඉඩ ලබා දීමේ වෙබ් අඩවියට පිවිසෙන්න - http://www.hostme.info/

ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට http://www.blogspot.com/ වෙත පිවිසෙන්න

එමෙන්ම තවත් බොහෝ නොමිලේ වෙබ් ඉඩ සපයන්නාවූ වෙබ් අඩවි තිබෙනවා. ඒවාට පිවිස ඔබගේ නොමිලේ වෙබ් ඉඩ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

වෙබ් ඉඩ ලබා ගත් පසු. ඔබගේ වෙබ් අඩවියට අවම වශයෙන් පිටු 5ක් වත් ඇතුළත් කරන්න. ඔබ මෙම වෙබ් අඩවිය සාදන්නේ කුමක් සඳහාද යන්න සිතා ගැනීමට අපහසු නම් ඔබ පිළිබඳ ඇතුලත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න.

ඊට පසු ඇඩ්සෙන්ස් සඳහා ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීම සඳහා දකුණු පස ඉහල කෙලවරෙහි දැක්වෙන ඇඩ්සෙන්ස් (Adsense) දැන්වීම මත ක්ලික් කරන්න.

Friday, August 24, 2007

ඇඩ්සෙන්ස් (Adsense) යනු කුමක්ද?

ඇඩ්සෙන්ස් යනු සරල වශයෙන් කිව හොත් අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපැයිය හැකි තවත් ක්‍රමයක් පමණයි. නමුත් ඇඩ්සෙන්ස් සියල්ලට වඩා වෙනස්. සංකීර්ණ ජාලයකින් සැදුම්ලත් මෙම පද්ධතිය හරහා ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇසට නැරඹීමට පහසු දැන්වීම් ලබාදෙනවා. එම දැන්වීම් යම් අයෙකු ක්ලික් (Click) කරවිට ඔබට යම් කිසි මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. මෙය ඇත්තෙන්ම කොමිෂන් එකක්. ඔවුන්ට ලැබෙන මුළු මුදලින් සුළු කොටසක් ඔබට ලැබෙනවා. මෙම මුදල සමහර විට $ 0.01 (ආසන්න වශයෙන් රුපියලක්) සිට $ 0.50 (ආසන්න වශයෙන් රුපියල් පණහක මුදලක්) හෝ ඊටත් වඩා විය හැකියි.

ඔබ එමඟින් එකතු කරගන්නා මුදල් ඩොලර් සියය ($100) සම්පූර්ණ වූ පසු චෙක් පතක් මඟින් මුදල් එවනවා. එම මුදල ඔබගේ බැංකු ගිණුමට බැර කර ගැනීමට හැකියි.

මෙම ක්‍රමය භාවිතා කරමින් සමහරක් වෙබ් අඩවි නිර්මාණකරුවන් රුපියල් වලින් පවසනවානම් මාසයකට ලක්ෂ ගණනින් මුදල් ඉපයනවා. හැබැයි එපමණ ඉක්මණින් මුදල් ඉපැයීමට ලැබේ යැයි බලා පොරොත්තු වන්න නම් එපා. කෙසේ වෙතත් මා සූදානමින් සිටිනවා ගූගල් ඇඩ්සෙන්ස් හරහා ඔබ‍ට වඩාත් හොඳින් මුදල් උපයන අයුරු කියා දීමට.

මගේ මෙම බ්ලොග් අඩවිය සමඟ දිගටම රැඳී සිට්න්න.